කුරුදු වගාවේ ඉතිහාසය
ශ්‍රී ලංකා කුරුඳු, ලෝකයේ ඇති අග්රගන්යම කුරුඳු ලෙස කිසිදු සැකයකින් තොරව සඳහන් කළ හැකි අතර, වැඩිම ප්‍රමාණයක් ලෝක වෙළඳ පොළට සත්‍ය කුරුඳු සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. ශ්‍රී ලංකාවට ආවේණික වූ ආර්ථිකව වැදගත් බෝග වර්ග වලින් එකක් ලෙස කුරුඳු හැඳින්විය හැකිය. 16 වෙනි ශත වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් අත්සන් කිරීමට යෙදුණු පළමු අන්තර්ජාතික කෘෂීකර්මය පිළිබඳ වෙඵඳ ගිවිසුමට මුල් වූයේ ද කුරුඳු බෝගයයි. මෙම ගිවිසුමට අනුව එවකට කෝට්ටේ රාජධානියේ රජකම් කළ රජු විසින් කුරුඳු රාත්තල් 2,50,000 ක් පෘතුග්රීසීන්ට සැපයිය යුතු වූ අතර, එ් එම රාජධානිය පරසතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමට පෘතුග්‍රීසි ආණුඩුකාරවරයාට සිදු විය. අවසානයේ අරාබි ජාතිකයන් පරදමින් කුරුඳු සැපයීමේ ජාත්‍යන්තර එ්කාධිකාරය ගොඩ නැංවීමට පෘතුගී්රසීන්ට හැකි විය. වෙනත් යුරෝපා ජාතීන් ද මේ සම්බන්ධ උනන්දුවක් දැක්වුවද, ක්‍රි.ව. 1636 දී එම වෙළඳ එ්කාධිකාරය ලන්දේසීන් අතට පත් විය. ක්‍රි.ව.1796 දී ඉංග්‍රීසි ජාතිකයින් මෙම වෙළඳ එ්කාධිකාරය තමන් සතු කර ගනිමින් එය 1833 දක්වා පවත්වා ගෙන යන ලදී. පසුව පෞද්ගලික වෙළඳුන් ද මෙම වෙළඳාමට එක් විය. ශ්‍රී ලංකාව තපවමත් ලොව අනර්ඝතම කුරුඳු සපයන්නා ලෙස එම වෙළඳ එ්කාධිකාරිය පවත්වා ගෙන එනු ලබයි. හැඳින්වීම කුරුඳු ශාකය සදාහරිත බහුවාර්ෂික බෝගයකි. (Cinnamomum verum presl) ලෝරේසියේ කුලයට සහ සිනමෝමම් ඝණයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික බෝගයකි. වාණිජ කුරුඳු ලෙස ජනප්‍රියව ඇති ප්‍රධාන කුරුඳු වර්ග දෙක වනුයේ සත්‍ය කුරුඳු (Ciylon Cinnamom) සහ කැසියා (Cassia) කුරුඳුය. කැසියා අයත් වන්නේ ද සත්‍ය කුරුඳු අයත් වන කුලයට හා ඝණයට ම වේ. කැසියා ප්‍රධාන වශයෙන් නැගෙනහිර ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමය යන රටවල්වල වගා කෙරේ. වාණිජව වගා කරන කැසියා කුරුඳු වර්ග කිහිපයකි. ඒවා නම් ඉන්දුනීසියා කැසියා (Cinnamomum brumannii Nees) චීන කැසියා (Cinnamomum aromaticum Nees) සහ වියට්නාම කැසියා (Cinnamomum ioureirii Ness) ය. නමුත් මෙම කැසියා කුරුඳු වර්ගවල ගුණාත්මය සත්‍ය කුරුඳු වලට වඩා බෙහෙවින් අඩුය. කුරුඳු සම්භවය වූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බවට සාක්ෂි ඇත. කුරුඳු වගාවන් දැනටත්මහනුවර, මාතලේ, බෙලිහුල් ඔය, හපුතලේ සහ සිහරාජ අඩවියේ ඇතැම් ස්ථානවල හමුවේ. කුරුඳු කැලෑ ගසක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 300-350 දක්වා උච්ඡුත්වවල දක්නට ලැබේ. වර්තමානයේ කුරුඳු වගාව කළුතර සහ බෙලිඅත්ත දක්වා ඇති මුහුදු තීරයේ බෙහෙවින් පැතිරී ඇති අතර, එම ප්‍රදේශයේ සිට රට අභ්‍යන්තරයට රත්නපුර දිස්ත්‍රික්කය දක්වා වයාප්ත වී ඇත. කුරුඳු පොත්තේ ගුණාත්මය රඳා පවතින්නේ, ජානමය කරුණු, පස සහ දේශගුණික සාධක මතය. ඉතා ඉහල ගුනාත්මයෙන් යුතු කුරුඳු නිපදවන්නේ සුදු පැහැති වැලි පසෙහි ය. මෙය මීගමුව ප්‍රදේශයේ ඇති සුදු වැලි සහිත පසට සමානය. උද්හිද විද්‍යාත්මක ලක්ෂණ කුරුඳු හෙවත් සිනමෝමේ වෙරම් (Cinnamomum verum presl) අතු බෙදුණු, දුඹුරු පැහැති කඳන් ඇති, සදාහරිත, මුදුන් මුල් පද්ධතියක් සහිත, බහු වර්ෂික ශාකයකි. කුරුඳු පත්‍ර එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව කඳට සවි වී ඇති අතර, පත්‍රවල මුල සිට අග දක්වා විහිදෙන නාරටි 3 ක් දක්නට ඇත. උත්තර ඩිම්බ කෝෂය එ්ක කෝෂ්ටීය වන අතර, එක් ඩිමිබබයක් පමණක් අඩංගු වේ. කුරුඳු පත්‍රයේ මතුපිට දිලිසෙන සුළු වන අතර, ඉටිමය ස්වභාවයකින් යුක්තය. කුරුඳු පොත්ත බොහෝ විට සිනිඳු වන අතර ආවේණික සුවඳක් ද ඇත. කුරුඳු මල් ද්වි ලිංගිකය. එක් මලක කුඩා ක්‍රීම් පැහැති සරු රේණු 9ක් සහ වඳ රේණු 3ක් ඇත. මල් වරෙක ස්ත්‍රී පුෂ්පයක් ලෙසත් වරෙක පිරිමි පුෂ්පයක් ලෙසත් ක්‍රියාකාරී වේ. සාමාන්‍යයෙන් කලංකය පරාගධානීවලට කලින් පර්ණත වන බැවින්, පරපරාගණයට සුදුසු ආකාරයට අනුවර්තනය වී ඇත. ස්වාභාවික තත්වයන් යටතේ කුරුඳු ගස මීටර් 10-15 දක්වා උසකට සහ කඳ සෙ.මී. 30-35 දක්වා වටප්රමාණයකට වර්ධනය වේ. කුරුඳු ගස වරින් වර අස්වනු සඳහා කපා ගැනීමෙන් මීටර් 2-2.5 දක්වා උස ප්‍රමාණයකින් යුක්ත, කඳ පාමුලින් හටගත් රිකිළි කීපයක් සහිත පඳුරක් ආකාරයට හැඩ ගස්සවා ගැනේ. |
මෙහෙයුමි කමිටුව
චමරා ඔිපනායක මිය
සාවිත්‍රි විමලසේන මිය
කේ. ප්‍රේමරත්න මයා
ලාල් චන්ද්‍රසිරි මයා
අනුර මාරපන මයා
පී.එමි.දයානි මිය
සජීවනි රණසිංහ මිය
පබසරා ප්‍රේමරත්න මිය
සාවිත්‍රි විමලසේන මිය
කේ. ප්‍රේමරත්න මයා
ලාල් චන්ද්‍රසිරි මයා
අනුර මාරපන මයා
පී.එමි.දයානි මිය
සජීවනි රණසිංහ මිය
පබසරා ප්‍රේමරත්න මිය
කුරුදු පිළිබද ඉතිහාසය
කුරුදු වගාවේ ඉතිහාසය
හැඳින්වීම
කුරුඳු ශාකය සදාහරිත බහුවාර්ෂික බෝගයකි. (Cinnamomum verum presl) ලෝරේසියේ කුලයට සහ සිනමෝමම් ඝණයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික බෝගයකි.
ශ්‍රී ලංකා කුරුඳු, ලෝකයේ ඇති අග්රගන්යම කුරුඳු ලෙස කිසිදු සැකයකින් තොරව සඳහන් කළ හැකි අතර, වැඩිම ප්‍රමාණයක් ලෝක වෙළඳ පොළට සත්‍ය කුරුඳු සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. ශ්‍රී ලංකාවට ආවේණික වූ ආර්ථිකව වැදගත් බෝග වර්ග වලින් එකක් ලෙස කුරුඳු හැඳින්විය හැකිය. මීට වසර 500කට පෙර කොලම්බස් නාවිකයා විසින් ලෝකයේ නැගෙනහිර දෙසට නව මුහුදු මාර්ගයක් සෙවීමෙහි නිරත වූ අතර, ඔහුට අවශ්‍ය වූ ප්‍රධානතම කුළුබඩු බෝගය වූයේ කුරුඳුය. නමුත් එය සඵල නොවූයේ ඔහුට එම මුහුදු මාර්ගය සොයා ගැනීමට නොහැකි වූ නිසාය. පෘතුග්‍රීසීන් ලෝකයේ නැගෙනහිර දෙසට මුහුදු මාර්ගය සොයා ගැනීමට සමත් වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ කුරුඳු බෝගයයි. පසුව එය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුධයක් දක්වා වර්ධනය වුනි.
16 වෙනි ශත වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් අත්සන් කිරීමට යෙදුණු පළමු අන්තර්ජාතික කෘෂීකර්මය පිළිබඳ වෙඵඳ ගිවිසුමට මුල් වූයේ ද කුරුඳු බෝගයයි. මෙම ගිවිසුමට අනුව එවකට කෝට්ටේ රාජධානියේ රජකම් කළ රජු විසින් කුරුඳු රාත්තල් 2,50,000 ක් පෘතුග්රීසීන්ට සැපයිය යුතු වූ අතර, එ් එම රාජධානිය පරසතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමට පෘතුග්‍රීසි ආණුඩුකාරවරයාට සිදු විය. අවසානයේ අරාබි ජාතිකයන් පරදමින් කුරුඳු සැපයීමේ ජාත්‍යන්තර එ්කාධිකාරය ගොඩ නැංවීමට පෘතුගී්රසීන්ට හැකි විය. වෙනත් යුරෝපා ජාතීන් ද මේ සම්බන්ධ උනන්දුවක් දැක්වුවද, ක්‍රි.ව. 1636 දී එම වෙළඳ එ්කාධිකාරය ලන්දේසීන් අතට පත් විය. ක්‍රි.ව.1796 දී ඉංග්‍රීසි ජාතිකයින් මෙම වෙළඳ එ්කාධිකාරය තමන් සතු කර ගනිමින් එය 1833 දක්වා පවත්වා ගෙන යන ලදී. පසුව පෞද්ගලික වෙළඳුන් ද මෙම වෙළඳාමට එක් විය. ශ්‍රී ලංකාව තපවමත් ලොව අනර්ඝතම කුරුඳු සපයන්නා ලෙස එම වෙළඳ එ්කාධිකාරිය පවත්වා ගෙන එනු ලබයි.
හැඳින්වීම
කුරුඳු ශාකය සදාහරිත බහුවාර්ෂික බෝගයකි. (Cinnamomum verum presl) ලෝරේසියේ කුලයට සහ සිනමෝමම් ඝණයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික බෝගයකි.
වාණිජ කුරුඳු ලෙස ජනප්‍රියව ඇති ප්‍රධාන කුරුඳු වර්ග දෙක වනුයේ සත්‍ය කුරුඳු (Ciylon Cinnamom) සහ කැසියා (Cassia) කුරුඳුය. කැසියා අයත් වන්නේ ද සත්‍ය කුරුඳු අයත් වන කුලයට හා ඝණයට ම වේ. කැසියා ප්‍රධාන වශයෙන් නැගෙනහිර ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමය යන රටවල්වල වගා කෙරේ. වාණිජව වගා කරන කැසියා කුරුඳු වර්ග කිහිපයකි. ඒවා නම් ඉන්දුනීසියා කැසියා (Cinnamomum brumannii Nees) චීන කැසියා (Cinnamomum aromaticum Nees) සහ වියට්නාම කැසියා (Cinnamomum ioureirii Ness) ය. නමුත් මෙම කැසියා කුරුඳු වර්ගවල ගුණාත්මය සත්‍ය කුරුඳු වලට වඩා බෙහෙවින් අඩුය.
කුරුඳු සම්භවය වූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බවට සාක්ෂි ඇත. කුරුඳු වගාවන් දැනටත්මහනුවර, මාතලේ, බෙලිහුල් ඔය, හපුතලේ සහ සිහරාජ අඩවියේ ඇතැම් ස්ථානවල හමුවේ. කුරුඳු කැලෑ ගසක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 300-350 දක්වා උච්ඡුත්වවල දක්නට ලැබේ. වර්තමානයේ කුරුඳු වගාව කළුතර සහ බෙලිඅත්ත දක්වා ඇති මුහුදු තීරයේ බෙහෙවින් පැතිරී ඇති අතර, එම ප්‍රදේශයේ සිට රට අභ්‍යන්තරයට රත්නපුර දිස්ත්‍රික්කය දක්වා වයාප්ත වී ඇත.
කුරුඳු පොත්තේ ගුණාත්මය රඳා පවතින්නේ, ජානමය කරුණු, පස සහ දේශගුණික සාධක මතය. ඉතා ඉහල ගුනාත්මයෙන් යුතු කුරුඳු නිපදවන්නේ සුදු පැහැති වැලි පසෙහි ය. මෙය මීගමුව ප්‍රදේශයේ ඇති සුදු වැලි සහිත පසට සමානය.
උද්හිද විද්‍යාත්මක ලක්ෂණ කුරුඳු හෙවත් සිනමෝමේ වෙරම් (Cinnamomum verum presl) අතු බෙදුණු, දුඹුරු පැහැති කඳන් ඇති, සදාහරිත, මුදුන් මුල් පද්ධතියක් සහිත, බහු වර්ෂික ශාකයකි. කුරුඳු පත්‍ර එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව කඳට සවි වී ඇති අතර, පත්‍රවල මුල සිට අග දක්වා විහිදෙන නාරටි 3 ක් දක්නට ඇත. උත්තර ඩිම්බ කෝෂය එ්ක කෝෂ්ටීය වන අතර, එක් ඩිමිබබයක් පමණක් අඩංගු වේ. කුරුඳු පත්‍රයේ මතුපිට දිලිසෙන සුළු වන අතර, ඉටිමය ස්වභාවයකින් යුක්තය. කුරුඳු පොත්ත බොහෝ විට සිනිඳු වන අතර ආවේණික සුවඳක් ද ඇත.
කුරුඳු මල් ද්වි ලිංගිකය. එක් මලක කුඩා ක්‍රීම් පැහැති සරු රේණු 9ක් සහ වඳ රේණු 3ක් ඇත. මල් වරෙක ස්ත්‍රී පුෂ්පයක් ලෙසත් වරෙක පිරිමි පුෂ්පයක් ලෙසත් ක්‍රියාකාරී වේ. සාමාන්‍යයෙන් කලංකය පරාගධානීවලට කලින් පර්ණත වන බැවින්, පරපරාගණයට සුදුසු ආකාරයට අනුවර්තනය වී ඇත.
ස්වාභාවික තත්වයන් යටතේ කුරුඳු ගස මීටර් 10-15 දක්වා උසකට සහ කඳ සෙ.මී. 30-35 දක්වා වටප්රමාණයකට වර්ධනය වේ. කුරුඳු ගස වරින් වර අස්වනු සඳහා කපා ගැනීමෙන් මීටර් 2-2.5 දක්වා උස ප්‍රමාණයකින් යුක්ත, කඳ පාමුලින් හටගත් රිකිළි කීපයක් සහිත පඳුරක් ආකාරයට හැඩ ගස්සවා ගැනේ.
TP : 091-5670375 |
lelwalatshds@bellmail.lk |
කුරුදු ව්‍යාපෘතියේ අරමුණු
පොලිතින් මළුවල බීජ පැළ කිරීම
මේ සදහා ගේජ් 250 ඝණකම ඇති පොලිතින් භාවිත කර අඟල් 5x8 ප්‍රමාණයේ මලූ සකස් කර ගත යුතුය. හොඳින් මිශ්‍ර කර ගත් තවාන් මිශ්‍රණය (මතුපිට පස්, හොඳින් දිරන ලද ගොම, රළු වැලි සහ කොහු බත් 1:1:1:1 අනුපාත වලින්) මලූ වලට පිරවිය යුතුය. කුරුඳු බීජ 7-10 පමණ පොලිතින් මල්ලක හොඳින් විසුරුවා, කොහු බත් හෝ තුනී පස් ස්ථරයකින් වැසිය යුතුය. එක් බඳුනක හොඳින් වැඩුණු කුරුදු පැළ 5 ක් අවම වශයෙන් තිබිය යුතුය. බීජ සිටුවා මාස 4-6 කාලයකින් ක්ෂේත්රයේ ස්ථාපනය කළ හැක.
ක්ෂේත්රයේ ස්ථාපනය කිරීම | |
වගා පරතරය - සෙ.මී. 120x120 හා 120x90 | |
වළවල්වල ප්‍රමාණය - සෙ.මී. 30x30x30 | |
වැයවන මුදල් හා අනෙකුත් ප්‍රායෝගික ගැටළු වන අස්වැන්න නෙලීම, කොළ මිටි බැඳීම හා භූමියේ ස්වභාවය සැළකිල්ලට ගෙන සෙ.මී. 120x90 වගා පරතරය යටතේ එක් ස්ථානයකට පැළ 5 ක් සිටුවීම වඩාත් උචිත වේ. | |
වඩාත් බෑවුම් සහිත ඉඩම්වල අඩු පරතරයක් වූ සෙ.මී.120x60 සමග එක් ස්ථානයක පැළ 3 ක් සිටුවීම වඩාත් උචිත වේ. හිරු එළිය වැටීම සඳහා සමෝච්ච රේඛා ආකාරයට සිටුවීම වඩා වැදගත් වේ. |
වගාව නඩත්තු කිරීම | |
කුරුඳු පැළ වගාව කුඩා අවධියේදී වල් පැළ වලින් තොරව තබා ගැනීම වඩාත් වැදගත් වේ. නිසි අවස්ථාවේදී වල් මර්ධනය කිරීම තුළින් 50% කින් පමණ අස්වැන්න වැඩි කර ගත හැක. |
Subscribe to:
Posts (Atom)